Wednesday, March 24, 2010

ස්ත්‍රී ආධිපත්‍යය හා පුරුෂ ආධිපත්‍යය

(ඔක්කොටොම කලින් මෙතනින් හැඳින්වීම කියවලා ඉන්නකෝ)

ස්ත්‍රී / පුරුෂ අයිතිවාසිකම් යනු බොහෝ කලක සිට සාකච්චාවට බඳුන්වන මතෘකාවකි. මුල් යුගයේදී කාන්තාවන්ට හිමිවූයේ ඉතා අඩු අයිතිවාසිකම්ය. එනම් පුරුෂ ආධිපත්‍යයකි. එවකට සිටි කාන්තාවන් ඉල්ලා සිටියේ ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවය. පසුකාලීනව කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් හිමිවිය. වර්තමානයේ කාන්තාවන් පවසන්නේ කාන්තාවන්ට හිමිවිය යුත්තේ සමතැන නොව හිමිතැන බවයි. නමුත් හිමිතැන යන්නෙන් ලැබිය යුතු තැන කුමක්දැයි ප්‍රකාශ නොවේ.
  • හිමිතැන යනු පිරිමින්ට වඩා අඩු අයිතිවාසිකම් සහිත තැනක් යැයි කෙනෙකුට සිතිය හැක.
  • හිමිතැන යනු පිරිමින්ට සමාන අයිතිවාසිකම් සහිත තැනක් යැයි කෙනෙකුට සිතිය හැක.
  • එසේම හිමිතැන යනු පිරිමින්ට වඩා වැඩි අයිතිවාසිකම් සහිත තැනක් යැයි යමෙකුට සිතිය හැක.
එමනිසා හිමිතැන යන වචනයට මා එතරම් කැමති නැත.
කෙසේ වෙතත් ගැහැනු පිරිමි හැමෝටම සමාන මානසිකත්වයකින් යුතුව ජීවත් වීමට හැකි සමාජයක්/පරිසරයක් තිබිය යුතු යැයි මම සිතමි. කාන්තාවන්ගේ කායික ශක්තිය පිරිමින්ට වඩා මදක් අඩුය. එම අඩුව පිරවීමට ස්භාවිකවම පිරිමින්ට නොමැති හැකියාවන් කාන්තාවන්ට ලැබී ඇත. නමුත් පිරිමින්ට සමානව ජීවත් වීමට එම හැකියාවන් ප්‍රමානවත් නොවේනම් එම අඩුව පිරවීමට විශේෂ වරප්‍රසාද ලබා දීම සම්බන්ධයෙන් මාගේ විරුද්ධත්වයක් නොමැත. නමුත් මෙසේ ලබා දෙන විශේෂ වරප්‍රසාද වලට සීමාවක් තිබිය යුතුය. එම සීමාව ඉක්මවා ගිය පසු ඇතිවන්නේ ස්ත්‍රී ආධිපත්‍යයකි. ස්ත්‍රී ආධිපත්‍යයකට මා විරුද්ධය.
එසේ නම් එමසීමාව කුමක්ද? එමසීමාව තීරණය කරන්නේ කවුද? එමසීමාව තීරණය කිරීම සඳහා යොදාගන්නා නිර්ණායක මොනවාද? එමසීමාව සඳහන් වන්නේ කොහෙද?
කාන්තාවන් __ තැන ලබාගැනීමට කරන දේවල් හා ස්ත්‍රී ආධිපත්‍යය සඳහා කරන දේවල් එකිනෙකින් වෙන්කර හඳුනා ගන්නේ කෙසේද?


(2010-03-24)