Wednesday, March 24, 2010

හැදින්වීම

මෙම ලිපි ලිවීමට සිතාගෙන සිටියේ දැනට වසර කිහිපයකට පෙර සිටය. නමුත් බාලගිරිදෝෂය මෙන් වැඩේ හෙටට කල් දමමින් සිටි නිසා මේ වනතෙක් ලියාගත නොහැකි විය. ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව මා භාෂාව හැසිරවීමට එතරම් දක්ෂයෙකු නොවීමයි. ඊට අමතරව වෙනත් විවිධ හේතුත් බලපෑවා. නමුත් නිශ්ශබ්දව සිටීමෙන් පලක් නැති නිසා ඕන දෙයක් වෙන්න කියල දන්න විදියට ලියල දාන්න හිතුනා.
මෙම ලිපියෙන් ප්‍රධාන වශයෙන් ලිවීමට බලා පොරොත්තු වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් මට හිතෙන දේවල් ගැනයි. සමහර විට මා පිස්සෙක් කියල ඔබට හිතෙන්න පුලුවන්. නමුත් පිස්සෙකුට හිතෙන හැම දෙයක්ම වැරදියැයි කිව නොහැක. සාමාන්‍යය කෙනෙකුට නොපෙනන සත්‍යයක් පිස්සෙකුට පෙනෙන්න පුලුවන්. රජු සීතාම්බර සළු පොරවාගෙන සිටිනවා යැයි සිතාගෙන හෙලුවෙන් සිටින අවස්ථාවේදී , පුරෝහිතයන්, උගතුන්, බුද්ධිමතුන් රජු සමඟ සිටියත් රජ තුමා හෙලුවෙන් කියල පෙන්වා දුන්නෙත් පොඩි ළමයෙක් නේ. එම නිසා මට සිතෙන දේවල් ප්‍රකාශ නොකර සිටීමට නොහැක. මා කියන දේවල් වල සත්‍යය අසත්‍යය තෝරා බේරාගෙන පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම මෙය කියවන පාඨක ඔබට බාරයි.
(2010-03-24)

No comments:

Post a Comment