Wednesday, March 24, 2010

ගැහැණු ,පිරිමින්ගේ ටොයිලට් අස්සේ රිංගන එක හරිද?

"ගැහැණු" හා "පිරිමි" ලෙස වෙන වෙනම වැසිකිලි නම් කර තිබෙන්නේ හේතුවක් ඇතුවනේ.නමුත් කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව කාන්තාවන් පිරිමින්ගේ ටොයිලට් වලට යනවා මා දැක තිබෙනවා. එහෙනම් ගෑණු හා පිරිමි ලෙස වැසිකිලි නම් කර තිබීමේ තේරුම කුමක්ද? ඊට වඩා හොඳයි "ගැහැණු+පිරිමි" ලෙස වැසිකිලි නම් කරානම්.
        සමහරු කියයි, ගැහැණු පිරිමිගේ වැසිකිලි වලට යන්නේ පිරිමි මූත්‍රා කරනව බලන්න නෙවෙයි කියල. නමුත් බලන්න ගියත් නොබලන්න ගියත් අන්තිමට සිදුවන්නේ එකම දෙයයි. එනම් ගැහැණු කුමන චේතනාවකින්  පිරිමිගේ වැසිකිලි වලට ගියත්, එමගින් අවසානයේදී පිරිමින්ට මුහුණ දීමට සිදුවන අපහසුතාවයේ වෙනසක් නෑ. උදාහරණයකින් පැහැදිලි කරන්නම්. රියදුරෙක් වාහනය අධික වේගයකින් ධාවනය කරන්නේ කවුරුවත් හප්පන්න සිතාගෙන නොවෙයි. හප්පන්න සිතාගෙන අධික වේගයෙන් ගියත්, එහෙම හිතන් නැතුව අධික වේගයෙන් ගියත් අන්තිමට  සිදුවන්නේ වේගයෙන් යෑම නිසා හදිසි අනතුරක් සිදුවීමයි.ඒවගේම ගෑනු මොන චේතනාවේන් පිරිමින්ගේ ටොයිලට් එකකට ගියත් අන්තිමට සිදුවන්නේ හදිසි අනතුරක් සිදුවීමයි.හදිසි අනතුරු සිදු නොවීම උදෙසා, කුමන චේතනාවකින් හෝ අධික වේගයකින් වාහන ධාවනය කරන රියදුරන්ට  දඬුවම් ලබා දෙයි. එසේම හදිසි අනතුරු සිදුනොවීම උදෙසා අපරික්ෂා කාරී ලෙස සිරිත් විරිත් කඩකරමින් කාන්තාවන් පිරිමින්ගේ ටොයිලට් වලට යන එකටත් කුමක් හෝ දඬුවමක් ලබා දිය යුතුය.
                 හදිසි අවස්ථාවකදී කාන්තාවන්ට යෑමට කාන්තා වැසිකිලියක් ඇත්තෙම නැත්නම් පිරිමින්ගේ වැසිකිලියට ගියාට කමක් නැත. නමුත් ඒ සඳහා ආරක්ෂිත පියවරක් අනුගමනය කරයුතුය. පළමුව වැසිකිලිය තුල පිරිමි නැතිබව තහවුරු කර ගත යුතුය. පිරිමි වැසිකිලිය තුල නැත්නම් පමනක් වැසිකිලිය තුලට යා යුතුය. වැසිකිලිය තුලට යනවා නම් කවුරුහරි කෙනෙක් වැසිකිලිය පිටත රඳවා තැබිය යුතුය.මක්නිසාදයත් කාන්තාව පිරිමි වැසිකිලි සංකීර්නය තුල ඇති වැසිකිලියක් තුලට ගොස් දොර වසාගත් පසු ඒ බව නොදත් පිරිමි වැසිකිලි සංකීර්ණය තුලට ගොස් මූත්‍රා කරමින් සිටිය හැක. එවැනි අවස්ථාවකදී කාන්තාව දොර ඇරගෙන එලියට ආවොත් මූත්‍රා කරමින් සිටින පිරිමි අපහසුතාවයට ලක්විය හැක. එම නිසා කාන්තාව පිරිමි වැසිකිලිය තුල සිටින කාලය තුල වැසිකිලියට පැමිනෙන පිරිමි දැනුවත් කිරීමට කවුරු හෝ කෙනෙක් එලියේ රඳවා තැබිය යුතුය.
                කෙසේ හෝ කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අපරික්ෂාකාරී ලෙස පිරිමි වැසිකිලි තුලට යන බවලතුන්ට මාගේ බලවත් විරෝධය.
(2011-03-10)

No comments:

Post a Comment