Wednesday, March 24, 2010

කාන්තාවන්ට පිරිමි වැඩ කරන්න හොඳ නම්, පිරිමි ගැහැනු වැඩ කලාම ඇති වැරැද්ද කුමක්ද?

            අතීතයේදී ගැහැණු වැඩ හා පිරිමි වැඩ ලෙස වැඩ කොටස් දෙකකට බෙදා තිබුණි. රටේ ඵලදායීතාව ගැන හිතුවොත් එක්තරා විදියකට එය සාර්ථක ක්‍රමයක් ලෙස සිතිය හැක. මා අසා තිබෙන විදියට ඇඟලුම් කර්මාන්ත ශාලාවක වුවත්
රෙදිකපන කෙනා විසින් සිදුකරන්නේ රෙදි කැපීම පමනි,
මහන කෙනා විසින් සිදුකරන්නේ මැසීම පමනි,
බොත්තම් අල්ලන කෙනාවිසින් සිදුකරන්නේ බොත්තම් ඇල්ලීම පමනි.
එම ක්‍රමයෙන් කෙනෙකුට එක්දෙයක් පිළිබඳ වඩා හොඳ විශේෂඥ දැනුමක්/හැකියාවක් ලබා ගැනීමට හැකිවීම මගින්කර්මාන්ත ශාලාවේ පලදායීතාව ඉහල නැංවිය හැක. නමුත් මිනිසුන් වැඩ කරන්නේ මුදල් ඉපයීමට පමනක් නොවේ. මිනිසුන් වැඩ කිරීමෙන් මුදල් සෙවීමට අමතරව ආත්මතෘප්තියක් ද ලබයි. එක එක වැඩ වලින් ලැබෙන ආත්මතෘප්තිය එකිනෙකට වෙනස්ය. මිනිසුන් එක වැඩකට සීමා වීමනිසා ලැබෙන ආත්මතෘප්තියත් සීමා වෙයි. එසේම ඒකාකාරී බවක් ද ඇතිවෙයි. එම නිසා මිනිසුන් එක වැඩකට සීමා වීම සුදුසු නැතැයි මම සිතමි.

          අද වන විට ඉස්සර පිරිමි කරපු වැඩ සියල්ලම පාහේ අද කාන්තාවන්ද සිදුකරයි. මා එහි කිසිඳු වරදක් දකින්නේ නැත. නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ, ගැහැනුන්ට පිරිමි වැඩ කරන්න හොඳනම් පිරිමි ගැහැණු කරපු වැඩ කලාම ඇති වැරැද්ද කුමක්ද කියන එකයි. හැලි වලං සේදීම වැනි ගැහැනු වැඩ පිරිමින්ට කරන්න හොඳවීමටත්, අනෙක් ගැහැණු වැඩ පිරිමින්ට කරන්න සුදුසු නැතිවීමටත් හේතුව කුමක්ද? හැලිවලං සේදීම ,පොල් ගෑම වැනි කාන්තාවන්ට අවාසි වැඩ පමනක් පිරිමින්ට කරන්න සුදුසු වීමට හේතුව කුමක්ද?

(2010.05.22)

No comments:

Post a Comment