Wednesday, March 24, 2010

බොරු කීමෙන් ගැටලුවක් නිරාකරණය කර ගත හැකිද?

ඉතිහාසය දිහා හැරීබලන කළ කාන්තාවන් සමහර අවස්ථා වලදී බොරු කියා ඇත. උදා:- "කාන්තාවන්ගේ කායික ශක්තිය පිරිමින්ගේ කායික ශක්තියට සමානයි". සමහර දේවල් බොරුම නොවුනත් තමන්ට වාසි වන පරිදි කන්ද කෙන්ද කරලත්, කෙන්ද කන්ද කරලත් ප්‍රකාශ කර ඇත. සමහර පිරිමින්ට ඇත්ත නැත්ත කුමක්දැයි තෝරා බේරා ගැනීමට නොහැකි නිසා බොරුවක් වුනත් ඇත්ත ලෙස පිළිගනී. සමහර පිරිමින්ට ඇත්ත නැත්ත කුමක්දැයි තෝරා බේරා ගැනීමට තාර්කික හැකියාවක් තිබුනත් සමහර හේතු නිසා බොරු ඇත්ත ලෙස පිලිගැනීමට සිදුවී තිබේ.
එම හේතු:-
  • ඇත්ත කිව්වොත් කාන්තාවන්ගේ හිත රිදෙයි,තමා සමඟ තරහ වෙයි කියල හිතීම නිසා
  • සමාජයේ වැඩි දෙනෙක් බොරු පිලිගනිද්දී ඊට විරුද්ධ මතයක් දැරීමට ඇති බිය, ලැජ්ජාව වැනි දේවල් නිසා
  • දේශපාලන වාසි (කාන්තාවන්ගේ ඡන්ද ) ලබා ගැනීම සඳහා
  • කාන්තාවන්ට පක්ෂපාතීව අදහස් ප්‍රකාශ කොට කාන්තාවන්ගේ හිතදිනා ගැනීමට
  • තමා ප්‍රබුද්ධයෙක් යැයි මවා පෙන්වීම සඳහා සහ ප්‍රසිද්ධිය සඳහා , උගතුන් යැයි කියාගන්නා අය ප්‍රකාශ කරන ඕන බොරුවක් එහෙම් පිටින්ම උපුටාගෙන තමන්ගේ ප්‍රකාශයක් මෙන් ප්‍රකාශ කිරීම.
  • මූල්‍යමය වාසි සඳහා
  • වෙනත් හේතු
මෙසේ බොරු කීම වැනි කෙටි ක්‍රම මගින් පහසුවෙන් අයිතිවාසිකම් ලබා ගත හැකි වුවත්, බොරු කීමෙන් සිදුවන්නේ ඇත්ත සාකච්චා කිරීමට සුදුසු වාතාවරනයක් ඇති නොවීමයි. එක බොරුවක් වැසීමට තව බොරු රාශියක් කීමට සිදුවේ.මෙසේ බොරු වලින් ප්‍රශ්නයක් සාකච්චා කොට සාධාරන විසදුමක් ලබා ගත හැකි යැයි මා සිතන්නේ නැත. එම නිසා කවුරු මා සමඟ තරහ වුනත් කවුරු මට බැන්නත් මම බොරු කීමෙන් හැකිතාක් දුරට වැලකී සිටීමට බලා පොරොත්තු වෙමි.


මේ ලිපිය සමඟම තව දෙයක් කීමට අවශ්‍යය.
සමහර අවස්ථා වලදී ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මහජනතාවට සලකන්නේ තොත්ත බබාලාට සලකන විදියටය. උදාහරනයකින් පැහැදිලි කරනවා නම් , තොත්ත බබෙකුට බත් කැවීමට අවශ්‍යය විටක සමහරු කරන්නේ "පුතේ බත් කෑවේ නැත්නම් ගෝනි බිල්ල ඇවිත් උස්සගෙන යයි. ඒක හින්දා බත් ටික ඔක්කොම කන්න" කියා දරුවාව රැවටීමයි. මෙම ක්‍රමවේදය පොඩි ලමයිට යම්තාක් දුරට හෝ සාර්ථක වුවත් වැඩිහිටියන්ට මෙම ක්‍රමය එතරම් සුදුසු නැතයි මම සිතමි. ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධයෙනුත් සමහර අවස්ථා වලදීත් වැඩිහිටියන්ව මෙසේ තොත්ත බබාලාව රවටන විදියට රවටන අවස්ථා දැක තිබේ. රැවටීම යනු වංචාවකි.

මා කලින් සඳහන් කළ පරිදි බොරු කීමෙන්, රැවටීමෙන් හා වංචා කීරීමෙන් සිදුවන්නේ ඇත්ත සාකච්චා කිරීමට සුදුසු වාතාවරනයක් ඇති නොවීමයි. එම නිසා කවුරු මා සමඟ තරහ වුනත් කවුරු මට බැන්නත් මම බොරු කීමෙන් හැකිතාක් දුරට වැලකී සිටීමට බලා පොරොත්තු වෙමි.
(2010-03-24)

No comments:

Post a Comment