Wednesday, March 24, 2010

මට පිස්සුද?

           ළඟකදී මට එක කාන්තාවක් මුනගැසුනා. ඇය කියන ආකාරයට මට තියන අදහස් මනස්ගාත ලු. එයට හේතුව වශයෙන් ඈ ඉදිරිපත් කලේ මට සිතෙන දේවල් අනිත් පිරිමින්ට නොසිතීමයි. කාන්තාවන්ට අවාසි අදහස් මනස්ගාත වීමටත් වාසි අදහස් හොඳ අදහස් වීමටත් හේතුව කුමක්ද? කෙනෙකුට සිතෙන දේ අනිත් අයට නොසිතීම මනස්ගාත නම් සර් අයිසැක් නිවුටන් ගේ අදහස්ද මනස්ගාත වියයුතුයි. මක් නිසාද යත් අයිසැක් නිවුටන් ඉපදෙන්ටත් කලින් ඉඳන් ඇපල් ගස්වලින් ඇපල්ගෙඩි බිමට වැටුනානේ. නමුත් එසේ වීමට හේතුව අයිසැක් නිවුටන්ට සිතෙන්න කලින් වෙන කිසිම කෙනෙකුට සිතුනේ නෑනේ. එසේනම් ඇයගේ තර්කයට අනුව යම් කෙනෙකුට සිතෙන දේ අනිත් අයට නොසිතේ නම් ඔහුට ඇත්තේ මනස්ගාත අදහස් විය යුතුයි නේද? එසේනම් ගුරුත්වාකර්ශනය මනස්ගාතයක්ද?
               සමහර විට මට යම්කිසි පිස්සුවක් ඇති. එසේ වූ පමනින් මට සිතෙන හැමදෙයක්ම මනස්ගාත විය හැකිද? පිස්සෙකුට වුවත් සාමාන්‍යය කෙනෙකුට සිතෙන දේවල් සිතෙන්න පුලුවන්. ඒවගේම සාමාන්‍යය කෙනෙකුට නොපෙනෙන සත්‍යයක් වුවත් පිස්සෙකුට පෙනෙන්න පුලුවන්. එම නිසා පිස්සෙකුට පෙනේන හැම දෙයක්ම වැරදි‍යැයි කිව නොහැක.
                මනස්ගාත මොනවද , එහෙම නැත්තේ මොනවද යන්න මම නොදනිමි. එමනිසා මට සිතෙන හැම දෙයක්ම මම ප්‍රකාශ කරමි. එයින් හරි වැරදි තෝරා බේරාගෙන පිළිගැනීම හෝ ප්‍රතික්ශේප කිරීම මෙය කියවන පාඨක ඔබට බාරයි.
(2010.05.13)

No comments:

Post a Comment